Tuesday, July 24, 2018

බැදලා රට යන්න ඉන්න දෙවෙනි ඉනිමේ සොනාලි ටීචගේ හෙළි නොකළ රහස !

“දෙරණ’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ “සොනලි ටීචර්” ලෙස මේ දිනවල ඔබේ ආදරය දිනා සිටින හිමායා බණ්ඩාර සමගින් මෙවර “තරුණයා” තරු කතාබහ ඇරඹුවෙමු.
“දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයට පෙර බොහෝ ටෙලි හා සිනමා නිර්මාණ රැසකටම දායක වී ඇති හිමායා ඉදිරියේදීද තවත් කලා කටයුතු බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.
“සොනලි” ටීචර් කියන්නද? හිමායා කියන්නද?
කැමති විදිහකට කතා කරන්න. ඒත්, මගේ සැබෑ නමට වඩාත් මේ දවස්වල ඉතින් මාව ජනප්‍රිය වෙලා තියෙන්නේ “සොනලි” ටීචර් කියන නමින්. මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ “සොනලි” ටීචර් කිව්වොත් හරි.
මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් ලොකු කාලයක් වෙනවා. ඒ කාලය තුළදී ටෙලි නාට්‍යය බොහෝමයක විවිධ චරිත රඟපෑවා. නමුත්, මිනිස්සු මා ගැන කතා කළේ, හිමායා කියන රංගන ශිල්පිනිය ගැන බොහෝ දෙනෙක් අඳුන ගත්තේ මේ “සොනලි” ටීචර් චරිතය හරහා.
“දෙවෙනි ඉනිමේ” විතරද වැඩකටයුතු සිදු කරන්නේ?
“දෙවෙනි ඉනිමේ” රූපගත කිරීම් කටයුතුවලට තමයි මේ දිනවල මුල්තැන දීලා තියෙන්නේ. මේ ටෙලි නාට්‍යය තව කාලයක් විකාශය වෙන නිසා සතියකට දින කිහිපයක්ම මෙහි රූපගත කිරීම් කටයුතුවලට වෙන් කරන්න සිදුවෙලා තියෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකට මට කතා කළා. මුදල්මය ප්‍රශ්න නිසා ඒ වැඩවලට එකතු වෙන එක මම ප්‍රතික්ෂේප කළා.
“සොනාලි ටීචර්” කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද?
“දෙවෙනි ඉනිම” අධ්‍යක්ෂණය කරන සාරංග මෙන්ඩිස් මට මේ චරිතය ලබාදෙන කොට ඇහුවා “මේක හිමායා ඔයාට ගැළපෙන චරිතයක්ද” කියලා. මම කිව්වා “ඔව්, මේක මට කරන්න පුළුවන් චරිතයක්” කියලා.
මම දැනට රඟපාපු චරිතත් එක්ක බැලුවම මේක ටිකක් වෙනස් චරිතයක්. ඒ නිසා ලොකු කැමැත්තකින් තමයි මම මේ චරිතය භාර ගත්තේ. නමුත්, “සොනාලි ටීචර්” කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නැහැ.
“දෙවෙනි ඉනිම” වගේම නාට්‍යයක් විකාශය වෙනවා මේ දිනවල “අවසන් ඉනිම” කියලා. මේ හරහා “දෙවෙනි ඉනිමේ” ජනප්‍රියත්වය අඩු වෙයිද?
මම හිතන්නේ නැහැ. “දෙවෙනි ඉනිම” විකාශය වෙලා වසරකට පස්සේ තමයි “අවසන් ඉනිම” විකාශය වෙන්නේ. නමුත්, “දෙවෙනි ඉනිම” නිර්මාණය කරන්න කලින් තමයි “අවසන් ඉනිම” නිර්මාණය කරලා තියෙන්නේ.
ඒත්, මේ ටෙලි නාට්‍යයට “අවසන් ඉනිම” කියලා දාලා තියෙන්නේ මෑතකදී. ඕනෑම නිර්මාණකරුවෙකුට ඉතින් අයිතිය තියෙනවා තමන්ගේ නිර්මාණයට ඕනෑම නමක් භාවිත කරන්න. “අවසන් ඉනිම” විකාශය වුණා කියලා “දෙවෙනි ඉනිමේ” ජනප්‍රියත්වය බිංදුවකින් හෝ අඩුවෙලා නැහැ. එදා ලැබුණ රසික ප්‍රතිචාර අදටත් අපිට ලැබෙනවා.
“දෙවෙනි ඉනිම” වැනි ටෙලි නාට්‍යයකට දායක වුණ එක ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. ඒ වගේම තමයි මීට කලින් කිසිම ටෙලි නාට්‍යය කණ්ඩායමක් විදෙස් රටකට ගිහිල්ලා ඔවුන් රඟපාන නාට්‍යයේ නම භාවිත කරලා ප්‍රසංග පවත්වලා නැහැ. දැනට අපි විදෙස් ප්‍රසංග කිහිපයක් සඳහා සහභාගි වෙලා තියෙනවා.
කොරියාව, ජපානය, ප්‍රංශය ඇතුළු රටවල් රැසකම අපි මේ වනවිට ප්‍රසංග අතිසාර්ථකව පවත්වලා තියෙනවා. ඒ ප්‍රසංග සඳහා වාර්තාගත ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමක් දක්නට ලැබුණ අවස්ථාත් තිබුණා. ඒ සියලු දේවල් “දෙවෙනි ඉනිමේ” නාට්‍යය කණ්ඩායමට ලැබුණේ අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකතුමිය නිසයි.
විදේශීය රටක පදිංචියට යන්න අදහසක් තියෙනවා කියන්නේ ඇත්තද?
ඔව්, මගේ විවාහයත් එක්ක විදෙස් ගත වෙන්න සූදානමක් තියෙනවා. මොකද, මගේ පෙම්වතා ඉන්නේ විදේශය නිසා. කොහොම වුණත් ඒක අද ඊයේක සිදු වේවි කියලා කියන්න අමාරුයි.
කොහොම වුණත් තවත් අවුරුදු කිහිපයකින් පස්සේ මම විදේශ පදිංචියට යයි කියලා කියන්න පුළුවන්. ඊට පෙර හොඳ නිර්මාණ කිහිපයකට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
– බුද්ධික සේනාධීර

My youtube channel link= https://goo.gl/MWyM2x


 

දිමුත් කරුණාරත්නගේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි.


  ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකර ගෙන තිබෙනවා. ඒ, ඊයේ (23) නිමා වූ දකුණු අපි‍්‍රකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා හේතුවෙන්.

නවතම අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දිමුත් කරුණාරත්න පසුවන්නේ 7 වන ස්ථානයේයි. ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 754 ක්. එයද දිමුත් වෙනුවෙන් හිමි වූ ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවයි. ශී‍්‍ර ලංකා ටෙස්ට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානයේ පසු වනවා.

ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 4 ක් ඉදිරියට පැමිණමින් 24 වන ස්ථානයට පත්ව ඇත්තේ දකුණු අපි‍්‍රකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ලකුණු 71 ක් ලබාගැනීම හේතුවෙන්. මීට අමතරව ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.


My youtube channel link= https://goo.gl/MWyM2x



  දකුණු අප්‍රිකාවට එරෙහි ශී්‍රී ලංකා සංචිතය නම් කරයි.


ජුනි  29 වනදා ආරම්භ වන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරග පහකින් යුත් එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති අතර උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, ෂෙහාන් ජයසුරිය සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

මිට අමතරව නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සංචිතයට කැඳවා තිබෙනවා.


My facebook page ( ids madushanka youtube channel ) link =  https://www.facebook.com/Ids-madushanka-youtube-channel-421470911688320/

My youtube link =

Monday, July 23, 2018

ක්‍රිකට්: දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් දුර්ලභ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට්Image copyrightTWITTER
Image captionජය සමරන ශ්‍රී ලංකා කණ්ඩායම
දොළොස් වසරකට පසු දකුණු අප්‍රිකාව පරදා ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම කොළඹ එස්එස්සී ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 199කින් පරාජය කිරීමත් සමගය.
ඒ අනුව තරගාවලිය 2-0කින් ශ්‍රී ලංකාව ජයගත් අතර දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාව මීට ඉහතදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළේ 2006 වසරේදීය.
එම 2006 තරගාවලියේදී මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ලෝක වාර්තාගත ලකුණු 624ක කඩුලු සම්බන්ධතාවයක් පැවැත්වූහ.
ඉන් පසු අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග තරග කළත් එම තරගාවලි පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකාවේදී 2014දි පැවැත්වුණු තරගාවලියත් ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පරාජයට පත්විය.
දඟ පන්දු යවන්නන් රජ කළ මෙවර තරගාවලියේ බිඳ වැටුණු දකුණු අප්‍රිකානු කඩුලු 40න් 37ක්ම බිඳ හෙලනු ලැබ තිබුණේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසිනි.
දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකාවේ කඩුලු 20ම බිඳ දැමුවේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසින් වන අතර ශ්‍රී ලංකා ඉනිම් දෙකේදී බිඳ වැටුණු කඩුලු 15න් 12ක්ම බිඳ දැමුවේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කෙෂව් මහාරාජ් විසින් වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සඳුදා කඩුලු 6ක් බිඳ දමමින් දකුණු අප්‍රිකානු ඉනිම අවසන් කළ අතර මෙම තරගාවලියෙන් පසුව එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තමන් අවසන් ටෙස්ට් තරගාවලිය විය හැකි බව තරගාවලිය ආරම්භයේදී ඔහු බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසීය.
දඟ පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තණතීරු ශ්‍රී ලංකාව සකස්කිරීම ගැන ඇතැම් ක්‍රීඩා විචාරකයන් විවේචනයක් ඉදිරිපත් කර තිබූ නමුත් තවත් අය පෙන්වාදී තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදුන්නේ වේග පන්දු යවන්නට වාසිදායක තණතීරු බවය.
ඒ අනුව ශ්‍රී ලංකා පිලේ 2018 පෙබරවාරි දකුණු අප්‍රිකානු සංචාරයේදී තවත් වේගවත් තණතීරු හිමිවනු ඇති බවද විචාරකයන් මත පළකර තිබුණි. ඒ ශ්‍රී ලංකාවේදී මෙවර අත්වුණු අමිහිරි පරාජයේ වාඩුව ගැනීම සඳහාය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවූයේ කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ නොමැතිවය. ඒ ඔවුන් තාවකාලික තරග තහනමකට ලක්වී ඇති බැවිනි.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වන අතර ඔහුට අවසන් ටෙස්ට් තරගයේ පන්දු යැවීමට සිදුවූයේ පන්දුවාර දෙකක් පමණි.
ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව සමග එක්දින තරග 5කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කරන අතර එම තරගාවලිය ලබන 29 වැනිදා දඹුල්ලේදී ආරම්භවීමට නියමිතය.





වයස 70 ක් වන මහලු කතක් කනත්තක දමා යයි.👇👇 පහත ලින්ක් එකෙන් ගිස් වීඩියෝ නරඹන්න .

MY Youtube Channel = https://goo.gl/MWyM2x



Thanks reading my  web site.

Saturday, June 30, 2018

රෝයි ද සිල්ව

හෙළ සිනමාවෙන් බොක්ස් ඔෆීස් වාර්තා තැබූ රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවෙන් බොක්ස් ඔෆීස් වාර්තා තැබූ රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

COLOMBO (News 1st) – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා උපන් රෝයි ද සිල්වා මහතා මියයන විට 80 වැනි වියේ පසුවිය.
රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයෙකු මෙන්ම පසුබිම් ගී ගායකයෙකු ලෙස හෙල සිනමාව සුපෝෂණය කිරීමට ඒ මහතා දැක්වු දායකත්වය අති විශාලයි.
මධු සිහින, සැනසිලි සුවය, පික්පොකට්, මේ දෑස කුමටද, මිනිසුන් අතර මිනිසෙක්, මිහිඳුම් සිහින සහ ඔබට දිවුරා කියන්නම් ආදී චිත්‍රපට විශාල ප්‍රමාණයක් ඔහු සිය රංග ප්‍රතිභාවෙන් වර්ණවත් කළේය.
සුජාගේ රහස සිනමා පටය හරහා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් වු ඔහු, ලාංකේය සිනමාවට ප්‍රහසන සිනමාව හදුන්වාදීමේ පුරෝගාමියෙක්ද විය.
චෙරියෝ ඩාලිං, චෙරියෝ කැප්ටන් , රෑ දනියෙල් දවල් මිගෙල්, රැජින මමයි, විජේ සහ අජේ, ඔක්කොම කණපිට යන ආදී සිනමා පට රැසක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ විය.
ආදායම් වාර්තා තබමින් තිරගත වු ඔහුගේ සිනමා පට ප්‍රේක්ෂක හදවත් තුළ අදටත් ජීවමානයි.